පොලී අනුපාත අඩු කළේ වසංගතයට මුහුණදීමටයි


මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික පදනම් අංක 25කින් අඩුකිරීමට සහ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය ප්‍රතිශතකාංක 1.00කින් අඩුකිරීමට තීරණය කළේ  ලොව පුරා පැතිරෙන කොවිඩ්-19 වසංගතය සහ ශ්‍රී ලංකාව තුළ එය තවදුරටත් ව්‍යාප්තවීමේ හැකියාව රටේ ආර්ථික කටයුතු කෙරෙහි ඇති කළ හැකි දැඩි බලපෑම සැලකිල්ලට ගැනීමෙන් බව මහ බැංකු අධිපති පවසයි.

පසුගිය 16දා පැවති ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ පැවති හදිසි රැස්වීමේදී මෙම අඩුකිරීම් තීරණය කෙරුණු බව අධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.



Recommended Articles