ප්‍රමාදයකින් තොරව ණයපොලී අඩුකරන්න- මහ බැංකුව කියයි


වසර තුළ මේ දක්වා කාලය තුළ මුදල් ප්‍රතිපත්තිය සහ මුදල් තත්ත්වයන් ලිහිල් කිරීම සඳහා ගනු ලැබූ ක්‍රියාමාර්ගයන්ට අනුකූලව වෙළෙඳ පොළ ණය පොලී අනුපාතික පහළ ගොස් නැති බව මුදල් මණ්ඩලය විසින් කණස්සල්ලෙන් යුතුව නිරීක්ෂණය කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ඒ නිසා තවදුරටත් ප්‍රමාදයකින් තොරව ණය අනුපාතික අඩුකරන ලෙස මූල්‍ය ආයතනවලින් දැඩිව ඉල්ලා සිටින අතර, එසේ නොවුණහොත්, වෙළෙඳ පොළ ණය පොලී අනුපාතික පහළ දැමීම සඳහා සුදුසු නියාමන ක්‍රියාමාර්ග ගැනීමට සිදුවනු ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කරයි.



Recommended Articles