පහසුකම් කළමනාකරණය පිළිබඳ සම්මන්ත‍්‍රනයක් පෙබරවාරි 28දා


ශී‍්‍ර ලංකා ජාතික වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරන පහසුකම් කළමනාකරණය සම්බන්ධ සම්මන්ත‍්‍රනය 2019 පෙබරවාරි 28 වැනි බ‍්‍රහස්පතින්දා දින ප.ව 2.00 සිට ප.ව 5.00 දක්වා වාණිජ මණ්ඩල ශ‍්‍රවණාගාරය, අංක 450, ඩී.ආර් විජේවර්ධන මාවත, කොළඹ 10 දී පැවැත් වීමට නියමිතය.

විශාල මට්ටමේ ව්‍යාපාරික ආයතනයන්, විශාල යටිතල පහසුකම් සහිත සමාගම්, ඉදිකිරීම් ආයතන, ගෘහ නිර්මාණ ආයතන, හෝටල් හා බැංකු වැනි ආයතනයන් ඉලක්කකර ගනිමින් මෙය පවත්වනු ලබන අතර සම්පත් දායකයා ලෙස සහභාගීවන්නේ මෙම ක්ෂේත‍්‍රයට අදාළව වසර 30ක් පමණ පළපුරුද්දක් ඇති රිචඩ් ඩේවිස් මහතාය.

මෙහිදී  පහසුකම් කළමනාකරණය හා එහි ස්වභාවය සම්බන්ධව මෙන්ම ශ්‍රී ලංකාව තුළ එයට ඇති අවස්ථා හා අභියෝග සම්බන්ධවත්, මෙය සම්බන්ධව ඇති අන්තර්ජාතික මට්ටමේ තත්ත්ව සම්බන්ධවත් සාකච්ඡා කෙරෙනු ඇති අතර, සම්මන්ත‍්‍රණය අවසානයේදී ප‍්‍රශ්න හා පිළිතුරු සැසියක්ද පැවැත් වීමට නියමිතය. වැඩිදුර තොරතුරු [email protected] සහ [email protected] ඊමේල් ලිපින තුළින් ලබාගත හැකිය.



Recommended Articles