පඩිය 250000ට අඩුනම් උපයනවිට ගෙවීමේ PAYE බදු අයකිරීමක් නෑ


උපයන විට ගෙවීමේ බදු හෙවත් PAYE බදු රු.250,000කට අඩු වේතනයක් ලබන රජයේ හෝ පෞද්ගලික අංශයේ සේවකයන්ගෙන් මින් ඉදිරියට අයකිරීමක් සිදු නොවෙයි.

ඒ අනුව ඉදිරියේදී උපයන විට ගෙවීමේ ආදායම් බදු අය කිරීමේ අවම සීමාව රු.250,000ක් දක්වා සංශෝධනය කර තිබේ.

එයද ස්ථර 3ක් යටතේ 6%, 12% සහ 18% යනාදී වශයෙන් ආදායම් බදු අය කිරීමක් සිදුකෙරෙන අතර, පළමුව රු.250,000ක් ඉක්මවා යන ප්‍රමාණයයට 6%ක්, දෙවනුව රු. 250,000ක් ඉක්මවා යන ප්‍රමාණයට 12%ක් සහ තෙවනුව රු. 250,000ක් ඉක්මවා යන ප්‍රමාණයට 18%ක් වශයෙනි. තවද මීට පෙර අයකරන ලද උපරිම ආදායම් බදු ප්‍රතිශතය වූ 24%ක් වූ සීමාව මේ අනුව 18%ක් දක්වා අඩු කර ඇත.

මෙම නව බදු සංශෝධනවලට අනුව රු.250,000 ට වැඩි ආදායමක් ලබන සේවා නියුක්තිකයෙකු නම් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බදු ලිපිගොනුවක් විවෘත කර ස්වයං තක්සේරුව මගින් බදු ගෙවීම සිදුකළ යුතුය.



Recommended Articles