නොවැම්බර් මස උද්ධමනය සියයට 5.2ක් දක්වා පහළට


ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය 2020 ඔක්තෝබර් මාසයේ පැවති 5.5% සිට නොවැම්බර් මාසයේදී 5.2%ක් දක්වා පහළ ගොස් තිබේ.

නොවැම්බර් මාසයේ පැවති ඉහළ පදනම් අගම මගින් ඇති වූ සංඛ්‍යානමය බලපෑම මේ සඳහා හේතු වී ඇත. නොවැම්බර් මාසයේදී ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 9.4%ක් දක්වා පහළ ගියද, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 1.7%ක් දක්වා ඉහළ ගොස් තිබේ.



Recommended Articles