ද ස්ටෑන්ඩර්ඩ් ක්‍රෙඩිට් ෆිනෑන්ස් බලපත්‍රය හා ලියාපදිංචිය අවලංගුයි


2011 අංක 42 දරණ මුදල් ව්‍යාපාර පනත යටතේ බලපත්‍රලාභී මුදල් සමාගමක් වන ද ස්ටෑන්ඩර්ඩ් ක්‍රෙඩිට් ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනය වෙත නිකුත් කළ බලපත්‍රය අද (25දා) සිට බලපැවැත්වෙන පරිදි අවලංගු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබේ.

ඒ අනුව, එම දිනයේ සිට බලපැවැත්වෙන පරිදි ද ස්ටෑන්ඩර්ඩ් ක්‍රෙඩිට් ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනයට 2011 අංක 42 දරණ මුදල් ව්‍යාපාර පනත යටතේ මුදල් ව්‍යාපාර කටයුතු කරගෙන යාමට අවසරයක් නොමැති බවද ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.



Recommended Articles