තරුණ ව්‍යවසායකත්ව ප්‍රවර්ධනයට මාතර පුරයට ඇමෙරිකානු පියසක්


ශ්‍රී ලාංකේය ව්‍යවසායකත්ව ප්‍රවර්ධනය සඳහා සහාය වන මාතර ඇමෙරිකානු පියස විවෘත කිරීම ශ්‍රී ලංකා සහ මාලදිවයින් ඇමෙරිකානු තානාපතිනී ඇලෙයිනා ටෙප්ලිට්ස් සහ මුදල් අමාත්‍ය මංගල සමරවීර යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් සිදුව තිබේ.

මෙහි ව්‍යවසායකත්වය, ඉංග්‍රීස කුසලතා සහ පරිගණක කේතකරණය පිළිබඳ පාඨමාලා පැවැත්වෙන අතර, ශ්‍රී ලංකාවේ දීප්තිමත් තරුණ පරපුරට නව සොයාගැනීම් පිළිබඳ සංකල්ප යථාර්ථයක් කරගැනීමට අවශ්‍ය සම්පත් සහ අවකාශය සලසන බවද ඔවුහු පවසති. මහනුවර, යාපනය සහ කොළඹ පිහිටි අනෙකුත් මධ්‍යස්ථාන සමග එක්ව කටයුතු කරන මෙහි පැවැත්වෙන සියලු පාඨමාලා නොමිලේ පැවැත්වෙන බවත්, ඒවාට සහභාගී වන්නන් මධ්‍යස්ථානයන්හි තරුණ කවයන්ගේ සාමාජිකයන් වනු ඇති බවත් ඔවුහු පවසති. අඟහරුවාදා සිට ඉරිදා දක්වා සෑම දිනකම පෙ.ව.9.00 සිට ප.ව.5.30 දක්වා මාතර ඇමෙරිකානු පියස විවෘතව පවතී.



Recommended Articles