ඩොලරයේ විකුණුම් මිල රුපියල් 202ක් ඉක්මවයි


ශ්‍රී ලංකා මූල්‍ය ඉතිහාසයේ ප්‍රථම වරට ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු.202ක අගය අද (31දා) ඉක්මවා ගියේය.

ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ විනියම අනුපාත සටහනට අනුව ඩොලරයේ විකුණුම් මිල සටහන් වූයේ රු.202.04ක් ලෙසිනි. මීට පෙර රුපියල වැඩිම විකුණුම් මිලක් වාර්තා වූයේ ඊයේ දිනයේදීය. අද දිනයේ රුපියලේ ගැනුම් මිල රු.197.62ක් විය.



Recommended Articles