ඩොලරයේ විකුණුම් මිල රු.192ක ආසන්නයට එයි


ගෝලීය වසංගත තත්ත්වයක් බවට පත්ව ඇති කොවිඩ්-19 වෛරස ව්‍යාප්තිය හමුවේ ශ්‍රී ලංකා රුපියලද දැඩි පීඩනයකට පත්වෙමින් තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත සටහන අනුව අද (27දා) එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු.187.10ක් හා විකුණුම් මිල රු.191.99ක් ලෙස සටහන් විය.

එදිනම එක්සත් ජනපද ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතිකය (Indicative US Dollar SPOT Exchange Rate) සටහන් වූයේ රු.189.25ක් ලෙසිනි.



Recommended Articles