ඩොලරයේ විකුණුම් මිල යළිත් රු.200 පසුකර යයි


ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් මිල අද (21දා) යළිත් රු.200ක අගය පසුකර ගොස් තිබේ.

පසුගිය 19දා සැලකිය යුතු ලෙස රුපියල අධිප්‍රමාණය වෙමින් ඩොලරයේ විකුණුම් මිල රු.191.97ක් ලෙස වාර්තා වී තිබුණත්, එය අද (21දා) යළිත් රු.200.90ක් ලෙස අවප්‍රමාණය වී ඇති බව මහ බැංකුව නිකුත් කළ දත්ත සටහන පෙන්වා දෙයි.

ඊයේ (20දා) දිනයේ ඩොලරයේ විකුණුම් මිල සටහන් වූයේ රු.195.21ක් ලෙසිනි. මේ අතර අද දිනයේ ඩොලරයේ ගැනුම් මිල රු.195.10ක් ලෙස සටහන් වෙයි.



Recommended Articles