ඩොලරයට සාපේක්ෂව රුපියල සියයට 3කින් අතිප්‍රමාණය වෙලා


2019 අගොස්තු මස 20 වැනි දින දක්වා කාලපරිච්ඡේදය තුළ ශ්‍රී ලංකා රුපියල, එ.ජ. ඩොලරයට සාපේක්ෂව 3%කින් අතිප්‍රමාණය වී තිබේ.

අනෙකුත් විදේශ ව්‍යවහාර මුදල්වල හැසිරීම පිළිබිඹු කරමින්, මෙම කාලපරිච්ඡේදය තුළදී ශ්‍රී ලංකා රුපියල, ජපන් යෙන් හැර අනෙකුත් සියලු ප්‍රධාන ව්‍යවහාර මුදල් ඒකකවලට සාපේක්ෂවද අතිප්‍රමාණය වී තිබේ.

ඒ අනුව, යුරෝවට සාපේක්ෂව 6.3%කින්ද, ස්ටර්ලිං පවුමට සාපේක්ෂව 7.7%කින්ද, කැනේඩියානු ඩොලරයට සාපේක්ෂව 0.7%කින්ද, ඔස්ට්‍රේලියානු ඩොලරයට සාපේක්ෂළු 7.2%කින්ද, ඉන්දියානු රුපියලට සාපේක්ෂළු 5.3%කින්ද ශ්‍රී ලංකා රුපියල අතිප්‍රමාණය වී තිබේ. කෙසේ වෙතත්, ජපන් යෙන්වලට සාපේක්ෂව 0.6%කින් ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී ඇත.



Recommended Articles