ඩොලරයට සාපේක්ෂව රුපියල සියයට 11.6ක් අවප්‍රමාණය වෙලා


2018 ඔක්තෝබර් 29 වැනිදා දක්වා කාලපරිච්ඡේදය තුළ ඇ.ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 11.6%කින් අවප්‍රමාණය වී තිබේ.

ඒ අනුව, ඊයේ (29දා) ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ විකුණුම් මිල සටහන් වූයේ රු.174.75ක් ලෙසිනි.

තවද අනෙකුත් ව්‍යවහාර මුදල්වල හැසිරීම පිළිබිඹු කරමින් මෙම කාලපරිච්ඡේදය තුළදී ශ්‍රී ලංකා රුපියල ඉන්දියානු රුපියල හැර අනෙකුත් ප්‍රධාන ව්‍යවහාර මුදල් ඒකකවලට සාපේක්ෂවද අවප්‍රමාණය වී ඇති බව මහ බැංකුව කියයි.



Recommended Articles