ජූනි සාපේක්ෂව ජූලි මස සංචාරක පැමිණීම් සියයට 83.4ක වැඩිවීමක්


පාස්කු ප්‍රහාරයෙන් පසුව ක්‍රමයෙන් යථාතත්ත්වයට පැමිණෙමින් තිබූ සංචාරක පැමිණීම් 2019 ජූනි මාසයේ වාර්තා වූ 63,072කට සාපේක්ෂව 2019 ජූලි මාසයේදී 115,701ක් දක්වා 83.4%කින් ඉහළ ගොස් තිබේ.

මේ අතර, පෙර වසරේ අනුරූප මාසවලට සාපේක්ෂව, 2019 මැයි සහ ජූනි මාසයන්හි පිළිවෙළින් වාර්තා වූ 70.8%ක සහ 57.0%ක අඩුවීමට සාපේක්ෂව 2019 ජූලි මාසයේ සංචාරක පැමිණීම්හි පහත වැටීම 46.9%ක පහළ අගයක් ගෙන තිබුණි.



Recommended Articles