ජුනි මස උද්ධමනය සියයට 2.1ක් දක්වා පහළ ගිහින්


ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, පෙර වසරේ අනුරූප මාසයේ පැවති ඉහළ පදනම් අගය හේතුවෙන් 2019 මැයි මාසයේ පැවති 3.5% සිට 2019 ජුනි මාසයේදී 2.1%ක් දක්වා පහළ ගොස් තිබේ.

මේ අතර, 2019 ජුනි මාසයේදී ආහාර සහ ආහාර නොවන යන කාණ්ඩ දෙකෙහිම ලක්ෂ්‍යමය උද්ධමන අගයන් පිළිවෙළින් -0.4% හි සහ 6.7%හි සිට -2.9% සහ 6.2%ක් දක්වා පහළ ගොස් තිබේ.

මේ අතර, වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි වෙනස, 2019 ජුනි මාසයේදී 2.0%හි නොවෙනස්ව පැවතී ඇත.



Recommended Articles