ජුනි මස උද්ධමනය සියයට 3.9 දක්වා සුළු පහළ යෑමක්


කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය 2020 මැයි මාසයේ පැවති 4.0% සිට ජුනි මාසයේදී 3.9% දක්වා පහළ ගොස් තිබේ.

2019 ජුනි මාසයේ ඇති වූ සංඛ්‍යානමය බලපෑම මේ සඳහා පූර්ණ වශයෙන් දායක වී ඇත. ආහාර කාණ්ඩයෙහි ලක්ෂ්‍යය උද්ධමනය මැයි මාසයේ පැවති 9.9% සිට ජුනි මාසයේදී 10.0%දක්වා ඉහළ ගොස් ඇති අතර, ආහාර නොවන කාණ්ඩයෙහි ලක්ෂ්‍යමය උද්ධමනය මැයි මාසයේ පැවති 1.6% සිට ජුනි මාසයේදී 1.4% දක්වා පහළ ගොස් තිබේ.



Recommended Articles