කොළඹ කොටස් වෙළෙඳ පොළ අද 10.32කට විනාඩියක් නිහඬයි


කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (22දා) ගනුදෙනු ආරම්භ වීමෙන් පසුව පෙ.ව. 10.32කට විනාඩියක නිශ්ශබ්දතාවක් පැවැත්වීමට සූදානමින් සිටියි.

පසුගියදා කොළඹ ප්‍රධාන තරු හෝටල් සහ කිතුණු දේවස්ථාන ඉලක්ක කරමින් එල්ල කෙරුණු ඉස්ලාම් අන්තවාදී ත්‍රස්ත ප්‍රහාරවලින් මියගිය අයට ගෞරව දැක්වීම සඳහාත්, තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කිරීම සඳහාත් මෙම නිශ්ශබ්දතාව පවත්වනු ඇත.

එමෙන්ම, කොළඹ කොටස් වෙළෙඳ පොළ ස්වයංක්‍රීය ගනුදෙනු පද්ධතියද අද 10.32කට විනාඩියක කාලයක් ගනුදෙනුවලින් බැහැරවනු ඇති බව සඳහන් වෙයි.



Recommended Articles