කොටස් වෙළෙඳපොළ පෙබරවාරි මසදී ඩො.මි.15ක ශුද්ධ ගෙවීමක්


කොළඹ කොටස් වෙලෙඳ පොළෙහි විදේශීය ආයෝජන 2019 පෙබරවාරි මාසයේදී ඇ.ඩො.මිලියන 15ක ශුද්ධ ගෙවීමක් වාර්තා කර තිබේ.

ද්විතීයික වෙළෙඳ පොළ ගනුදෙනු පමණක් අන්තර්ගත වන කොළඹ කොටස් වෙළෙඳ පොළ තුළ දිගින් දිගටම පෙන්වූ පසුබෑම මෙවරද මෙම ශුද්ධ ගෙවීම තුළින් පිළිබිඹු කර තිබේ.

එමෙන්ම, සමුච්චිත පදනම මත 2019 වසරේ පළමු මාස දෙක තුළදී (2019 පෙබරවාරි මාසයේ ප්‍රාථමික වෙළෙඳ පොළ ගනුදෙනු නොමැතිව) කොළඹ කොටස් වෙළෙඳ පොළ වෙතින් ඇ.ඩො.මිලියන 29ක ශුද්ධ ගෙවීමක් වාර්තා කර තිබේ.



Recommended Articles