කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු කාලය දීර්ඝ කෙරේ


සෑම දිස්ත්‍රිකයකම රාත්‍රී 10.00 සිට අලුයම 4.00 දක්වා කාලය තුළ පමණක් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බවට රජය කළ නිවේදනය සහ කොටස් වෙළෙඳ පොළ පාර්ශ්වකරුවන්ගෙන් ලැබුණු ඉල්ලීම් සලකා බලා හෙට (26දා) සිට කොටස් වෙළෙඳ පොළ දෛනික ගනුදෙනු ක්‍රියාත්මක වන කාල සීමාව දීර්ඝ කිරීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව පූර්ව ගනුදෙනු සැසිය පෙ.ව.10.30 සිට 11.00 දක්වා පැවැත්වෙන අතර, පෙ.ව.11.00 ට විවෘත වෙන්දේසියෙන් පසුව, පෙ.ව.11.00 සිට ප.ව.2.30 දක්වා දෛනික සාමාන්‍ය ගනුදෙනු සිදුවනු ඇත.



Recommended Articles