කොටස් වෙළෙඳ පොළ ඊයේ දිනයේදීත් අඛණ්ඩ වර්ධනයක


කොළඹ කොටස් වෙළෙඳ පොළ මිල දර්ශක ඊයේ (19දා) දිනයේදීත් ඉහළ යෑමක් පෙන්නුම් කළ අතර, ඒ අනුව අඛණ්ඩව 5 වැනි දිනටත් මේ ආකාරයෙන් කොටස් වෙළෙඳ පොළ තුළ වර්ධනයක් දැකිය හැකි විය.

ඊට පෙර දිනයට සාපේක්ෂව ඊයේ (19දා) සියලු කොටස් මිල දර්ශකය ඒකක 94.18 කින් හෙවත්, 2.04%කින් ඉහළ ගිය අතර, S&P ශ්‍රී ලංකා 20 මිල දර්ශකය ඒකක 38.94කින් හෙවත්, 2.11%කින් ඉහළ ගියේය.

මෙම වර්ධනයත් සමග ඊයේ ගනුදෙනු අවසන් වනවිට සියලු කොටස් මිල දර්ශක අගය ඒකක ඒකක 4,701.03ක් ලෙසින් සටහන් වූ අතර, S&P ශ්‍රී ලංකා 20 දර්ශකය ඒකක 1,886.65ක් ලෙස සටහන් විය.

ඊයේ දිනය තුළ කොළඹ කොටස් වෙළෙඳ පොළෙහි වාර්තා වූ සමස්ත පිරිවැටුම රු.බිලියන 1.18කි. (1,183,428,350.00)



Recommended Articles