ඔන්ලයින් වංචාවන්ගෙන් බැංකු මුරපද හා PIN ආරක්ෂා කරගන්න


සමාජ මාධ්‍ය හරහා අන්තර්ජාලය හරහා ක්‍රියාත්මක වන මූල්‍ය වංචා සහ වංචා පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකා මහ බැංකුවට වාර්තා වී ඇති අතර, පසුගිය කාලය පුරා මෙවැනි වංචාවන්හි වැඩි වීමක් නිරීක්ෂණය කළ බව මහ බැංකුව නිවේදනය කරයි.

මෙම වංචාවන්ගෙන් බොහොමයක් මහජනතාව ආකර්ෂණය කර ගන්නා පහසු ණය යෝජනා ක්‍රම හරහා සිදුකෙරෙන බව පවසන මහ බැංකුව, එවැනි වංචනික ණය අනුමත කිරීමේ ක්‍රියාවලීන් අතරතුර, වංචාකරුවන් තම බැංකු ගිණුම් අංක සහ ගනුදෙනුකරුගේ පුද්ගලික හැඳුනුම් අංක වැනි රහස්‍ය පාරිභෝගික තොරතුරු බෙදා ගැනීමට මහජනයා පොළඹවන බව කියයි. එවිට වංචාකරුවන් එවැනි රහස්‍ය තොරතුරු පාරිභෝගික ගිණුම් වෙත පිවිසීමට සහ ගනුදෙනුකරුවන්ගේ මුදල් සොරකම් කිරීමට යොදාගන්නා බව මහ බැංකුව වැඩිදුරටත් පවසයි.



Recommended Articles