ඔක්තෝබර් මස ලක්ෂ්‍යමය උද්ධමනය තවදුරටත් පහළට


2018 ඔක්තෝම්බර් මාසයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 0.1%ක් දක්වා අඩු වූ බව ජාතික පාරිභෝගික මිල දර්ශකය නිකුත් කරමින් ජනලේඛන හා සංඛ්‍යා‍ලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් අයි. ආර්. බණ්ඩාර ප්‍රකාශ කරයි.

පසුගිය සැප්තැම්බර් මාසයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 0.9%ක් ලෙස වාර්තා විය. ඔක්තෝබර් මාසයේ උද්ධමනය සඳහා ආහාර කාණ්ඩයේ -3.04%ක හා ආහාර නොවන කාණ්ඩයේ 3.10%ක දායකත්වයක් පිළිවෙලින් ලබා දී ඇත. එහෙත් 2017 ඔක්තෝබර් මාසයේ 8.8% ක්වූ උද්ධමනයට ආහාර කාණ්ඩයේ දායකත්වය 6.4%ක් හා ආහාර නොවන කාණ්ඩයේ දායකත්වය 2.4%ක් වී තිබේ.



Recommended Articles