එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් මිල රු.203 පනියි


එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තවදුරටත් අවප්‍රමාණය වෙමින්, ශ්‍රී ලංකාවේ මූල්‍ය ඉතිහාසය තුළ ඩොලරයක ඉහළම විකුණුම් මිල අද (08දා) වාර්තා විය.

ශ්‍රී ලංකා මහ බැංකුව අද (08දා) නිකුත් කළ දෛනික විනිමය අනුපාත සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල සටහන් වූයේ රු.203.50ක් ලෙසිනි. මීට පෙර ඩොලරයේ ඉහළම විකුණුම් මිල ඊයේ (07දා) වාර්තා වූ අතර, එය සටහන් වූයේ රු.202.88ක් වශයෙනි.

මේ අතර මහ බැංකුව නිකුත් කළ දත්ත සටහනට අනුව අද දිනයේදී ඩොලරයේ ගැනුම් මිල 199.21ක් ලෙස ඉතිහාසයේ ඉහළම අගය ගෙන ඇති අතර, එය ඊයේ දිනයේදී රු.198.56ක් ලෙස සටහන් විය.



Recommended Articles