එක්සත් ජනපද ඩොලරය අද තවදුරටත් ඉහළ ගිහින්


එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තවදුරටත් අවප්‍රමාණය වෙමින්, ශ්‍රී ලංකාවේ මූල්‍ය ඉතිහාසය තුළ ඩොලරයක ඉහළම විකුණුම් මිල අද (12දා) වාර්තා විය.

ශ්‍රී ලංකා මහ බැංකුව අද (12දා) නිකුත් කළ දෛනික විනිමය අනුපාත සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල සටහන් වූයේ රු.203.73ක් ලෙසිනි. මීට පෙර ඩොලරයේ ඉහළම විකුණුම් මිල පසුගිය 09දා වාර්තා වූ අතර, එය සටහන් වූයේ රු.203.59ක් වශයෙනි.

මේ අතර මහ බැංකුව නිකුත් කළ දත්ත සටහනට අනුව අද දිනයේදී ඩොලරයේ ගැනුම් මිල 199.15ක් ලෙස ඉතිහාසයේ ඉහළම අගය ගෙන ඇත.

 



Recommended Articles