ඉන්ධන මිලකරණ ප්‍රතිසංස්කරණ සාර්ථකව ක්‍රියාත්මක වෙයි - IMF


රජය සතු විශාල වාණිජ ව්‍යවසායන්හි විනිවිදභාවය, වගවීම සහ පිරිවැය කාර්යක්ෂමතාව ඇති කිරීම කඩිනම් කිරීම සඳහා ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ අවශ්‍ය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) අවධාරණය කරයි.

මේ සම්බන්ධයෙන්, ඉන්ධන මිලකරණ ප්‍රතිසංස්කරණ (මිල සූත්‍රය) සාර්ථකව ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන්ද දූත කණ්ඩායම තම ප්‍රශංසාව පළ කර ඇති අතර, විදුලිබලය සඳහා ස්වයංක්‍රීය මිලකරණ යාන්ත්‍රණයක් හඳුන්වාදීමද දිරිමත් කර තිබේ.

තුන් අවුරුදු විස්තීර්ණ ණය පහසුකම යටතේ ක්‍රියාත්මක කෙරෙන ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනෙහි පස් වැනි සමාලෝචනයේ සාකච්ඡා පැවැත්වීම සඳහා මැනුඑලා ගොරෙති මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුතුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරී කණ්ඩායමක් පසුගිය සැප්තැම්බර් 13 සිට 27 දක්වා මෙරට සංචාරය කළ අතර, සිය සංචාරය අවසානයේදී ඔවුන් මෙම කරුණු ගෙනහැර දක්වා තිබේ.



Recommended Articles