ඉන්දියානු ආධාර යටතේ උතුරේ පාසල් සඳහා නව ගොඩනැගිලි


යාපනය නාවත්කුලිය සහ චාවකච්චේරි හිදී පැවති විශේෂ උත්සව දෙකකදී ඉන්දියානු ආධාර යටතේ ඉදිකළ නව පාසල් ගොඩනැගිලි දෙකක් ජනතා අයිතියට පත්කිරීම පසුගියදා සිදුවිය.

නාවත්කුලිය මහා විද්‍යාලය සහ ඩ්‍රීබර්ග් විද්‍යාලය සඳහා ඉදිකළ නව පාසල් ගොඩනැගිලි ඉන්දියානු නියෝජ්‍ය මහ කොමසාරිස් ආචාර්ය ෂිල්පක් අම්බුලේ සහ උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිසු අයිතියට පත්කර තිබේ.
මෙම නව ගොඩනැගිලි ශ්‍රී ලංකා රුපියල් මිලියන 250ක වියදමින් උතුරු පළාතේ පාසල් 27ක දැනට ඉදිවෙමින් පවතින නව පන්ති කාමර ගොඩනැගිලිවල කොටසක් බවත්, මෙම ගොඩනැගිලි දෙක ඇතුළුව පාසල් ගොඩනැගිලි 10ක් මේ වන විට සිසු අයිතියට පත්කර ඇති බවත් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය පවසයි. 


Recommended Articles