ආර්ථිකයේ වැඩ බලන්න ඇමති හර්ෂ ද සිල්වා පත්කරයි


ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යංශයේ කැබිනට් අමාත්‍යවරයා ලෙස වැඩ බැලීම සඳහා එම අමාත්‍යංශයේ රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පත්කර තිබේ.

ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යංශයේ කැබිනට් අමාත්‍යවරයා ලෙස කටයුතු කරන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රටින් බැහැරව සිටින බැවින් මෙම පත්කිරීම සිදුකර ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසිනි.

 



Recommended Articles