ආනයන මාස 4.5කට ප්‍රමාණවත් පරිදි දළ නිල සංචිත ඩො.බි.8.4යි


2018 වසරේ ජූලි මාසය අවසානයේදී දළ නිල සංචිත ප්‍රමාණය ඇ.ඩො.බිලියන 8.4ක් ලෙස ඇස්තමේන්තු කර තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙන පරිදි එය මාස 4.5ක ආනයන හා සමාන වෙයි.

2018 ජූලි මස විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් නිරීක්ෂණයන් ඉදිරිපත් කරමින් මහ බැංකුව මෙම දත්ත ඉදිරිපත් කර තිබේ.

තවද, දළ නිල සංචිත හා බැංකු අංශයේ විදේශ වත්කම් ඇතුළු මුළු විදේශීය වත්කම් ප්‍රමාණය, 2018 ජූලි මස අවසානය වනවිට මාස 5.8ක ආනයන හා සමාන වන පරිදි ඇ.ඩො.බිලියන 10.8ක් ලෙස ඇස්තමේන්තු කර තිබේ.



Recommended Articles