අවදානම් පදනම මත ඒකාබද්ධ අධීක්ෂණයට අවබෝධතාවක්


අවදානම් පදනම මත ඵලදායී ඒකාබද්ධ අධීක්ෂණය සිදුකිරීමට සහ ඒ සම්බන්ධයෙන් ප්‍රධාන අධීක්ෂක ලෙස කටයුතු කිරීම පිණිස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව සහ ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව සමග 2018 දෙසැම්බර් 31 වැනි දින ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේදී අවබෝධතා ගිවිසුමකට එළැඹ තිබේ.

මෙම නියාමන ආයතන ත්‍රිත්වයේ නියෝජිතයන් වන ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති එච්.එච්.කරුණාරත්න, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් වජිර විජේගුණවර්ධන සහ ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් දමයන්ති ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන් විසින් මෙම අවබෝධතා ගිවිසුම ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ඉදිරියේ අත්සන් කර තිබේ.



Recommended Articles