අප්‍රේල් 17දා රුපියල ඩොලරයට අනුව සියයට 4.6ක් අතිප්‍රමාණ වේ


2019 වසරේ අප්‍රේල් මස 17දා දක්වා කාල පරිච්ඡේදය තුළ විනිමය අනුපාතිකය අතිප්‍රමාණය වෙමින් ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව 4.6%ක අතිප්‍රමාණයක් වාර්තා වී තිබේ.

2018 වසර අවසානයේදී දක්නට ලැබුණු විනිමය අනුපාතිකය මත වූ දැඩි පීඩනය සැලකිය යුතු ලෙස වෙනස්වීමක් දක්නට ලැබෙන අතර, මෙය 2019 ජනවාරි මාසයේදී ද අඩුවී තිබේ.

ඒ අනුව, ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 2018 දෙසැම්බර් අවසානයේදී වාර්තා වූ රු.182.75 සිට 2019 ජනවාරි මාසය අවසානයේදී රු.179.88ක් දක්වා 1.6%කින් අතිප්‍රමාණය වී තිබේ.



Recommended Articles