අධ්‍යාපන අංශය නගා සිටුවීමට ඇ.ඩො.මි.400ක ADB ණයක්


ද්විතීයික අධ්‍යාපන අංශය වැඩිදියුණු කිරීමේ වැඩසටහනට මුදල් යෙදවීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇ.ඩො.මිලියන 400ක ණය ආධාර මුදලක් ලබාගැනීමට රජය කටයුතු කර තිබේ.

0.5%ක (LIBOR + 0.5%) පොලී අනුපාතයක්  සහිත ඉහත ණය මුදලෙහි ආපසු ගෙවීමේ කාල සීමාව වසර 5 ක සහන කාලයක් ඇතුළුව වසර 26 කි.

ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්. ආර් ආටිගල සහ ආසියානු සංවර්ධන බැංකුව වෙනුවෙන් ශ්‍රී ලංකාවේ නේවාසික අධ්‍යක්ෂ චෙන් චෙන් මහතා ඊයේ (01දා) මුදල් අමාත්‍යාංශයේදී මෙම එකඟතා ගිවිසුමට අත්සන් තැබීය.



Recommended Articles