අඛණ්ඩව ඉහළ ගිය ඩොලරය අද සුළු වශයෙන් පහළ ගිහින්


ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව අඛණ්ඩව ඉහළ යමින් පැවති එක්සත් ජනපද ඩොලරයේ අගය ඊයේ (15දා) සුළු වශයෙන් පහළ බැසීමක් දක්නට ලැබුණේ රුපියලේ අගය ඉහළ යමිනි.

ඒ අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ විනිමය අනුපාතයන් අනුව අද (15දා) ඩොලරයේ විකුණුම් මිල සටහන් වූයේ රු.171.60ක් ලෙසිනි.

පසුගිය සිකුරාදා (12දා) ඩොලරයේ විකිණුම් මිල රු.172.93ක් ලෙස ඉතිහාසයේ ඉහළම අගය සටහන්ව පැවතිණි.

එමෙන්ම, මෙම වසරේ මේ දක්වා ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව 10% ඉක්මවමින් අවප්‍රමාණය වී තිබුණි.



Recommended Articles