Touch Your Future 14 හා 15 BMICH හිදී


යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන Touch Your Future නව නිර්මාණ තරගාවලියට සමගාමීව සංවිධානය වූ නව කාර්මික අධ්‍යාපන ප්‍රදර්ශනය අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් 13දා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලවේදී විවෘත කෙරිණි.

යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ මගපෙන්වීම යටතේ පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය තුළින් එම අමාත්‍යාංශය, ආර්ථික සංවර්ධනය වෙනුවෙන් කාර්මික හා වෘත්තීය පුහුණු ක්ෂේත්‍රයට සිදුකරනු ලබන දායකත්වය පිළිබඳව පොදු ජනතාව හා පාසල් සිසුන් දැනුම්වත් කිරීම ප්‍රධානතම අරමුණ වෙයි.

ප්‍රදර්ශනය 14 සහ 15 යන දෙදින තුළ පැවැත්වෙයි.

 



Recommended Articles