Touch Your Future නව නිර්මාණ තරගාවලිය ඇරඹේ


Touch Your Future නව නිර්මාණ තරගාවලිය බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේදී අද (14දා) ආරම්භ වූ අතර, කාර්මික අධ්‍යාපන ක්ෂේත්‍රය සම්බන්ධයෙන් පොදු ජනතාව තුළ යම් පෙළඹවීමක් ඇති කිරීමේ අරමුණින්, යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය මෙම තරගාවලිය සංවිධානය කර තිබේ.

මෙම තරගාවලියට සමගාමීව Touch Your Future ප‍්‍රදර්ශනය 15 වැනිදා දක්වා පැවැත්වේ. ප්‍රදර්ශනය අද (14දා) දිනයේදී විවෘත කරනු ලැබුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ඒ.එච්.එම්.ෆවුසි මහතාගේ ප‍්‍රධානත්වයෙනි. මෙම අවස්ථාවට යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, කර්මාන්ත හා වාණිජ අමාත්‍යාංශයේ ලේකම් අනුර සිරිවර්ධන, කොරියනු තානාපතිතුවරයා ඇතුළු පිරිසක් සහභාගී වූහ.

නව නිර්මාණ තරගාවලියේ ජයග‍්‍රාහකයින්ට ත්‍යාග ප‍්‍රදානය කිරීම  හෙට (15දා) ප.ව.3.00 ට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේදී පැවැත්වීමට නියමිතය.



Recommended Articles