the Orchidist හෝර්ටන් ප්ලේස් හිදී විවෘත වේ


දේශීය හා විදේශීය පාරිභෝගිකයන්ගේ වඩාත් ආකර්ෂණය දිනාගත් ඕකිඩ් මල් සඳහා 'the Orchidist' ඕකිඩ් මල් ප්‍රදර්ශනාගාරය පුෂ්පා රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (14දා) පෙරවරුවේ නො.93, හෝර්ටන් ප්ලේස්, කොළඹ 07හිදී විවෘත විය.

දැනට ලෝකයේ උත්සව අවස්ථාවන් සඳහා වැඩි වශයෙන් භාවිත වන මල, 'ඕකිඩ්' ලෙස මේ වනවිට හඳුනාගෙන තිබේ. විවාහ උත්සව, උපන්දින සාද ඇතුළු සෑම උත්සව අවස්ථාවක් සඳහා මෙන්ම ඕනෑම සැමරුම් අවස්ථාවක් සඳහාම අනර්ඝතම ඕකිඩ් මල් මෙම නව ප්‍රදර්ශනාගරයෙන් පාරිභෝගිකයාට ලබාගැනීමේ හැකියාව පවතින බව කියයි.



අලංකාර මෙන්ම විසිතුරු පෙනුමකින් සමන්විත මෙම ඕකිඩ් මල් සඳහා දේශීය මෙන්ම විදේශීය වෙළෙඳ පොළ තුළද ආකර්ෂණීය ඉල්ලුමක් පවතී. එසේම ලාංකේය වෙළෙඳ පොළ තුළ ඕකිඩ් මල් සැපයීම ප්‍රමාණවත් මට්ටමින් නොපවතින අතර, එයට විසඳුමක් ලෙසත් සංචාරයන්ගේ ආකර්ෂණය දිනා ගැනීම මගින් සංචාරක කර්මාන්තයේ දියුණුවටත් මෙම නව ප්‍රදර්ශනාගාරය ඉවහල් වන බවත් පැවසෙයි. ඒ අනුව, ශ්‍රී ලංකාවේ ඕකිඩ් මල් සඳහාම වෙන්වූ ප්‍රථම සහ එකම ප්‍රදර්ශනාගාරයද මෙය බව පැවසෙයි.



ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති භාෂ්වර සේනක ගුණරත්න, ශ්‍රී ලංකා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති චමින්ද අතලුවගේ, විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවේ සභාපති අනූෂ පැල්පිට, ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ මහින්ද ඉලේපෙරුම, යුධ හමුදා ප්‍රධාන මාණ්ඩලික නිලධාරී මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ, ප්‍රදීප් ගුණවර්ධන, 'the Orchidist' ආයතනයේ අධ්‍යක්ෂිකා සුභාෂිණී ගමගේ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.




Recommended Articles