The change that create champions


ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය අනාගත රැකියා වෙළෙඳ පොළ ඉලක්ක කරගනිමින් ඉතා ඉහළ විවිධ නිපුණත්වයෙන් හෙබි වරලත් ගණකාධිකාරීවරුන් බිහිකරීමේ අරමුණින් නව විෂය ධාරාවක් හඳුන්වාදීම පසුගියදා සිදුවිය.

The change that creates champions යන තේමාව යටතේ දියත් කෙරුණු නව විෂය ධාරාව හඳුන්වාදීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ලංකා වාණිජි මණ්ඩලයේ සභාපති සුරේෂ් ෂා මහතා සහභාගි විය.

2015 වසරේ සිට ක්‍රියාත්මක වන මෙම නව විෂය ධාරාව මගින් සාම්ප්‍රදායික මූල්‍ය රාමුවෙන් එපිට ගිය ව්‍යාපාර සඳහා වටිනාකම් නිර්මාණය සහ ශක්තිමත් කරන මෙන්ම, එම වටිනාකම් ආකර්ෂණය කරමින් වාර්තාකරණය තුළින් ව්‍යාපාරයන්ගේ සැබෑ සහකරුවන් බවට වරලත් ගණකාධිකාරීවරුන් පත් කිරීමද අරමුණු කෙරෙයි.

මෙම සුවිශේෂී අවස්ථාවට ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ සභාපති අර්ජුන හේරත්, ලේකම් හා ප්‍රධාන විධායක නිලධාරී අරුණ අල්විස් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.



Recommended Articles