SME නගාසිටුවීමට ADB මූල්‍යාධාර


සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ ව්‍යාපාර කටයුතු නඟාසිටුවීම සඳහා ඇ.ඩො. මිලියන 200 ක් ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟතාව පළකර ඇති බව මුදල් අමාත්‍යාංශය කියයි.

ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ඇ.ඩො. බිලියන තුනක (03) මූල්‍යාධාර ලබාදීමේ එකඟතාවට අමතරව මෙම මූල්‍යාධාරයද ආසියානු සංවර්ධන බැංකුව ලබාදීමට එකඟත්වය පළ කර ඇති බවද මුදල් අමාත්‍යාංශය කියයි.

පසුගිය මැයි 02 සිට 05 වැනිදා දක්වා ජර්මනියේ ෆ්‍රැන්ක්ෆර්ට් හිදී පැවති ආසියානු සංවර්ධන බැංකුවේ 49 වැනි මුදල් අමාත්‍යවරුන්ගේ වාර්ෂික සමුළුවේදී මෙම එකඟතාව පළ වී තිබේ.



Recommended Articles