ශ‍්‍රී ලංකා සාප්පු සවාරි සැණකෙළිය (Sri Lanka Shopping Festival - SLASH) ප්‍රථම වරට 2015 පෙබරවාරි මස පැවැත්වීමට සැලසුම් කර ඇති බව පසුගියදා අනාවරණය කෙරිණි.
මෙම වැඩසටහන පෙබරවාරි මාසයේ සිට අලූත් අවුරුදු සමය දක්වාම කොළඹ නගරයද ඇතුළුව දිවයින පුරා නගර කිහිපයක තෝරාගත් ස්ථාන රැසකදීම ක‍්‍රියාවට නැංවෙනු ඇති බවද එහිදී කියවුණි.
Foxhouze සමාගම මෙය සංවිධානය කරන අතර ඔවුන් හා සම්බන්ධ වී සිටින වෙළෙඳ සැල් රැසක් මගින් මෙම සැණකෙළිය ක‍්‍රියාත්මක වන සමයේදී 15% සිට ඉහළට වට්ටම් හිමිකරගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව සැලසෙනු ඇති බවද කියැවෙයි.