SEC වෙතින් සා.පෙ හා උ.පෙළ දැනුවත් කිරීමක්


ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳ පොළ නියාමන ආයතනය ලෙස ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව විසින් දිවයින පුරා පිහිටි අධ්‍යාපන කලාපවල අ.පො.ස. (සා.පෙ) සහ අ.පො.ස (උ.පෙ) වාණිජ සහ ගිණුම්කරණ විෂයයන් උගන්වනු ලබන ගුරුභවතුන් සහ එම විෂයයන් හදාරණ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා භාෂා ත්‍රිත්වයම ආවරණය වන අයුරින් නව දැනුම්වත් කිරීමේ වැඩසටහන් මාලාවක් දියත් කිරීමට සැරසෙයි.

ඒ අනුව, මෙම වැඩසටහන් මාලාව ක්‍රියාවට නැංවීමේ අවබෝධතා ගිවිසුමට අධ්‍යාපන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන්සෙභාව ඊයේ (24දා) අත්සන් තබන ලදී.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා එම අමාත්‍යාංශය වෙනුවෙනුත්, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් වජිර විජේගුණවර්ධන මහතා විනිමය කොමිසම වෙනුවෙනුත් ඊට අත්සන තබන ලදී.

DSC_1424



Recommended Articles