Pro food Pro Pack Ag- Biz 2014 ඇරඹේ


කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ අනුග්‍රහයෙන් ශ්‍රී ලංකා ආහාර සකස්කරන්නන්ගේ සංගමය හා ශ්‍රී ලංකා ප්‍රදර්ශන මධ්‍යස්ථානය විසින් 13 වැනි වරටත් සංවිධානය කරනු ලබන ශ්‍රී ලංකාවේ දැවැන්තම ආහාර සැකසුම්කරණ හා කෘෂි කාර්මික ප්‍රදර්ශනය “Pro food – Pro Pack Ag- Biz 2014 “ ඊයේ (22 දා) ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ හා කර්මාන්ත වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් වසන්ත පෙරේරා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ හා ප්‍රදර්ශන පරිශ්‍රයේදී ආරම්භ විය.

 “ගොවිපොලේ සිට මුළුතැන්ගෙට” ( From the Farm to the Kitchen) තේමාව යටතේ ආහාර සැකසුම්කරණය, ඇසුරුම්කරණය හා රසවත් ආහාර පිළියෙල කිරීමේ විවිධ ශිල්පීය ක්‍රම හඳුන්වා දෙන දැවැන්ත ජාත්‍යන්තර ප්‍රදර්ශනයක් ලෙස ප්‍රකට Pro food – Pro Pack Ag- Biz  “ ප්‍රදර්ශනය සඳහා දේශීය විදේශීය ආහාර නිෂ්පාදකයින් සකස්කරන්නන් හා ආයතන 300 කට අධික සංඛ්‍යාවක් ඉන්දියාව, චීනය, මැලේසියාව, ඩුබායි හා පකිස්ථානය වැනි රටවල් 20 කින් සහභාගී වන අතර නව නිෂ්පාදන 1000කට අධික සංඛ්‍යාවක් ද හඳුන්වා දෙනු ලැබේ. 

 



Recommended Articles