Newest Capital සෙංකඩගල ෆිනෑන්ස් වෙත


ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප‍්‍රකාශයට පත්කර ඇති මූල්‍ය ක්ෂේත‍්‍රය ශක්තිමත් කරලීමේ වැඩපිළිවෙළ යටතේ ලීසිං ක්ෂේත‍්‍රයෙහි සමාගමක් වන Newest Capital Limited මිලදී ගැනීමට අවශ්‍ය අනුමැතිය සෙංකඩගල ෆිනෑන්ස් සමාගම වෙත හිමිව ඇති බව ඔවුන් පවසයි.

ඒ අනුව, සෙංකඩගල ෆිනෑන්ස් සමාගම Newest Capital Limited හි ආයෝජනය කර ඇති පිරිස් සමග කොටස් මිලදීගැනීමේ එකඟතාවකට එළැඹ ඇති බවත්, ඒ යටතේ රු.මිලියන 300ක මිලක් ගෙවා Newest Capital Limited හි 100% ක කොටස් සෙංකඩගල ෆිනෑන්ස් සමාගම විසින් මිලදීගැනීම සිදුකර ඇති බවත් පෙන්වා දෙයි.



Recommended Articles