ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයට (ICTA) නව සභාපතිනියක් හා අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කර ඇති බව පවසයි.
ඒ අනුව, නව සභාපතිනිය ලෙස චිත්‍රාගංනී මුබාරක් මහත්මිය පත්කර ඇති අතර, ප්‍රධාන විධායක සහ කළමනාකාර අධ්‍යක්ෂ ලෙස මුහුන්තන් කැනගේ මහතා පත්කර තිබේ. එමෙන්ම, ආචාර්ය අජිත් මදුරප්පෙරුම, ආනන්ද විජේරත්න, උපුල් කුමාරප්පෙරුම සහ චානුක වත්තේගම යන මහත්වරුන්ගෙන් නව අධ්‍යක්‍ෂ මණ්ඩලය සමන්විත බව පැවසෙයි.