GALAXY S6 හා S6 edge හඳුන්වා දෙයි


සැම්සුන්ග් පාරිභෝගිකයන් බලාපොරොත්තු වූ GALAXY S6 සහ GALAXY S6 edge ස්මාට් ජංගම දුරකථන ශ්‍රී ලාංකික වෙළෙඳ පෙළට හඳුන්වාදීම අද (25දා) නෙළුම් පොකුණ රඟහලේදී අති උත්කර්ෂවත් අන්දමින් සිදුවිය.

වානේ සහ වීදුරු ඇසුරින් මෙන්ම උසස්තම සැම්සුන්ග් තාක්ෂණය එකට මුසු කරමින් නිමවා ඇති GALAXY S6 සහ GALAXY S6 edge, ජංගම දුරකතනයේ අනාගතය මනාව පිළිබිඹු කරන්නකි. නව දුරකතන හඳුන්වාදීම තුළින් ශ්‍රී ලාංකික පාරිභෝගිකයින්ට අසමසම වූ ස්මාට් ෆෝන් අත්දැකීමක් මෙන්ම ජාත්‍යන්තර ජංගම දුරකථන ක්ෂේත්‍ර‘යේ නව ප්‍රමිතීන් ස්පර්ශ කිරීමටත්, අති නවීන නිර්මාණයක් අත්හදා බැලීමටත්, ශක්තිමත් ජාලයක් හා සම්බන්ධ වීමටත් මෙන්ම නව්‍ය වූ සේවා අත්දැකීමටත් අවස්ථාව උදාවන බව ඔවුන් පවසයි.

ඡායාරූප ක්‍රිෂාන් රණසිංහ



Recommended Articles