e-Patashala 26දා සිට ක්‍රියාත්මකයි


අධ්‍යාපන පොදු සහතික උසස් පෙළ විද්‍යා සහ ගණිත විෂයන් දමිළ බසින් හදාරන ශිෂ්‍ය ප්‍රජාවට එම විෂය දහරාවන් හැදෑරීම පහසුවන අන්දමින් ඉ-පාඨශාලා නමින් නව ඉගෙනුම් මෙහෙයුම් පද්ධතියක් ආරම්භ කිරීමට නියමිත බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) පවසයි.

පාසල් සහ උසස් අධ්‍යාපනය හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට තම අධ්‍යාපන කටයුතු වඩාත් ඵලදායී සහ කාර්යක්‍ෂමව සිදු කරගැනීමට අන්තර්ජාලය ඔස්සේ ලබාදෙන පහසුකම් තවදුරටත් පුළුල් කිරීමේ වැඩපිළිවෙළේ එක් පියවරක් ලෙස මෙය සිදුකෙරෙන බව නියෝජිතායතනය වැඩිදුරටත් පවසයි.

මේ අනුව විශේෂයෙන්ම පාසල් ශිෂ්‍ය ප්‍රජාව ඉලක්ක කර ගනිමින් ඉගෙනුම් මෙහෙයුම් පද්ධති රැසක් මේ වනවිට ක්‍රියාත්මක බවද නියෝජිතායතනය පෙන්වා දෙයි.

www.e-Patashala.lk  වෙබ් අඩවියට පිවිසීමෙන් මැයි 26දා සිට එම පහසුකම ලබාගැනීමට හැකිවන බවත්, පාසල් පන්ති කාමරයේ ගුරුවරයෙකු අභිමුකව ඉගෙන ගන්නා ආකාරයෙන් ඉතා සජීවී ලෙස මෙම ඉගෙනුම් මෙහෙයුම් පද්ධතිවල අන්තර්ගතයන් සකස් කර තිබීම විශේෂත්වයක් බවත් නියෝජිතායතනය වැඩිදුරටත් පෙන්වා දෙයි.



Recommended Articles