CTBTO 22 වැනි කලාපීය සමුළුව මෙරටදී පැවැත්වේ


සමස්ත න්‍යෂ්ටික පරික්ෂණ වැලැක්වීම පිළිබඳ වූ සම්මුති සංවිධානයේ (CTBTO) 22 වැනි කලාපීය සමුළුව ශ්‍රී ලංකාවේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දෙසැම්බර් 05 වැනිදා දඹුල්ල කණ්ඩලම හෝටලයේදී සමුළුව ඇරඹිණි.

මෙම සමුළුවට සහභාගි වූ රටවල් 49ක සමාජිකයන් සඳහා සමරු තිළිණ හා සහතික පත් මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න සහ සමස්ත න්‍යෂ්ටික පරික්ෂණ වැලැක්වීම පිළිබඳ වූ සම්මුති සංවිධානයේ විධායක ලේකම් අචාර්ය ලසිනා සර්බෝ යන මහත්වරුන් අතින් ප්‍රදානය කෙරිණි. මෙම අවස්ථාවට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති අචාර්ය කිත්සිරි දිසානායක මහතා ඇතුළු එම ආයතනයේ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.



Recommended Articles