CFS - 1 බහලු මෙහෙයුමේ දෙවැනි අදියර විවෘත කෙරේ


ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නැවත ගොඩනගන ලද CFS - 1 බහලු මෙහෙයුම් මධ්‍යස්ථානයේ දෙවැනි අදියර ඊයේ (31දා) වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා අතින් විවෘත විය.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවා දායකයන් වෙත ප්‍රශස්ත සේවාවක් ලබාදීමේ අරමුණින් බහලු මෙහෙයුම් මධ්‍යස්ථාන පහසුකම් පුළුල් කිරීමට පියවර ගෙන ඇත.

ඒ යටතේ වර්ග මීටර් 5,100ක ප්‍රමාණයකින් යුතු මෙම බහලු මෙහෙයුම් මධ්‍යස්ථානය අර්ධ පූර්ණ බහලු මෙහෙයුම් සහ ප්‍රතිඅපනයන නැව් භාණ්ඩ මෙහෙයුම් කිරීම සඳහා වූ පහසුකම් වඩා පුළුල් කිරීමේ අරමුණින් නවීන තාක්ෂණය උපයෝගී කරගනිමින් ඉදිකර ඇත.

ගිනි අවදානම් හඳුනාගැනීමේ නූතන උපාංග පද්ධතියකින් ද ගුදම් කළමනාකරණ මෙහෙයුම් පද්ධතියක් ඇතුළු ලෝකයේ තරගකාරී වරායන් සතු ගුණාත්මක හා ඵලදායිතාවයෙන් අනූන බහලු මෙහෙයුම් මධ්‍යස්ථානයක් සතු සියලු අංගෝපාංගයන්ගෙන් මෙම CFS -1 බහලු මෙහෙයුම් මධ්‍යස්ථානය සමන්විත වේ.

මෙහි අන්තරායකර නැව් බඩු මෙහෙයුම් කටයුතු සඳහා වර්ග මීටර් 1,000ක වපසරියක් හා සාමාන්‍ය නැව්බඩු මෙහෙයුම් කටයුතු සඳහා වර්ග මීටර් 4,000ක් වෙන් කර ඇත.



Recommended Articles