ලොව පුරා රථවාහන සන්නාමවලින් යුතු උසස් තත්ත්වයේ වාහන රැසක් සමග LB Big Wheels රථවාහන දැක්ම අදත් (20දා) කොළඹ නෙළුම් පොකුණ පරිශ්‍රයේදී පැවැත්වේ.
මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා අතින් පසුගිය 18දා විවෘත වූ මෙම රථවාහන දැක්ම පෙ.ව.10.00 සිට රාත්‍රී 10.00 දක්වා පැවැත්වේ.
ශ්‍රී ලංකා රථවාහන ආනයනකරුවන්ගේ සංගමය විසින් මුල් වරට සංවිධානය කරන මෙම රථවාහන දැක්ම සඳහා උසස් තත්ත්වයේ බ්‍රෑන්ඩ් නිව් සහ රීකන්ඩිෂන් වාහන රැසක් ඉතිරිපත් කර තිබේ.
LB Big Wheels රථවාහන දැක්ම මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය විජය පුවත්පත් සමාගමෙනි.