SME ණය සහන ඉල්ලීම් සඳහා තවත් දින 10ක අතිරේක කාලයක්


සුළු හා මධ්‍ය පරිමාණ ණය සහන ඉල්ලීම් වෙනුවෙන් තවත් දින 10ක අතිරේක කාලයක් ලබාදෙන බව සංවර්ධන බැංකු සහ ණය යෝජනා පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි ජයග්‍රාහකයන්ට ත්‍යාග ලබාදීම වෙනුවෙන් පැවැති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

"සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට ලබාදුන් සහන පැකේජය හඳුන්වා දීල ණය බරින් මිරිකෙන ව්‍යාපාරිකයන්ට ජනවාරි මස 31දාට කලින් ඒ පිළිබඳ අදාළ බැංකුවට කියන්න කියල අපි දුන්න පණිවිඩය රන්ජන් රාමනායකගේ හඬපට අස්සෙ හිරවෙලා ගියා. ඒ නිසාම ණය පිළිබඳ බැංකුවට දැනුම් දීම සඳහා ව්‍යාපාරිකයන්ට ලබා දීල තිබුණු කාලය තවත් දින 10කින් දීර්ඝ කරන්න අපි තීරණය කර තියෙනවා" යැයි පැවසීය.



Recommended Articles