SME ණය ලබාදීම වෙනුවෙන් CDC සමූහයෙන් ඩො.මි.50ක්


ශ‍්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන්ට ණය ලබාදීමට සහ පාරිසරික ව්‍යාපෘති සඳහා සහාය දැක්වීමට මෙරට කොමර්ෂල් බැංකුව එංගලන්තයේ සංවර්ධන මූල්‍ය ආයතනය සහ බලපෑම් ආයෝජකයා වන CDC සමූහයෙන් ඩොලර් මිලියන 50ක (වර්තමාන විනිමය අනුපාතය අනුව රුපියල් බිලියන 10ක) ණය මුදලක් අනුමත කරගෙන තිබේ.

ශ‍්‍රී ලංකාවේ ව්‍යාපාරවලින් 80%ක්ම සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වන අතර, මෙරට රැකියා උත්පාදනයෙන් 35%ක් සිදුකර තිබෙන්නේ එම ව්‍යාපාර මගිනි. කෙසේ වෙතත්, මෙම සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර මධ්‍ය හා දිගුකාලීන අරමුදල් ලබාගැනීමේ අභියෝගයකට මුහුණ දී සිටින අතර කොවිඩ්-19 වසංගතයෙන් ආර්ථිකයට ඇතිවූ අහිතකර බලපෑම නිසා එම අභියෝගය තවදුරටත් විශාල වී තිබේ. 



Recommended Articles