SLT සේවකයෙකු තැනූ කොවිඩ් ප්‍රතිකාර පහසුකිරීම් උපකරණය


දැඩි සත්කාර ඒකකයන්හි ප්‍රතිකාර ලබන කොවිඩ්-19 ආසාදිත සහ ශ්වසනාබාධ සහිත රෝගීන් සඳහා භාවිත කළ හැකි අතේ රැගෙන යා හැකි (Portable ) කෘත්‍රිම ශ්වසන ආධාරක උපකරණයක් ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ ජ්‍යෙෂ්ඨ සහකාර ඉංජිනේරු බණ්ඩාර හේරත් මහතා විසින් නිපදවා තිබේ.

මෙම උපකරණය මහනුවර ජාතික රෝහලට පරිත්‍යාගය කර  ඇති අතර, වෛද්‍ය කාර්ය මණ්ඩලය විසින් එය බාරගැනීමෙන් අනතුරුව  තවත් එවැනි උපකරණ කිහිපයක් නිෂ්පාදනය කර දෙන මෙන්ද ඔහුගෙන් ඉල්ලීමක් කර ඇත.



Recommended Articles