S&P ශ්‍රී ලංකා 20 දර්ශකයට අන්තර්ගත සමාගම් වෙනස් වේ


S&P Dow Jones Indices විසින් 2020 වර්ෂය අවසානය සඳහා කරනු ලබන දර්ශක සැකසීමට අනුව S&P ශ්‍රී ලංකා 20 දර්ශකයට අදාලව පහත දැක්වෙන වෙනස්කම් වූ බව කොළඹ කොටස් හුවමාරුව දැනුම් දෙයි.

2020 දෙසැම්බර් මස 21 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි (2020 දෙසැම්බර්මස 18 වැනි දින කොටස් වෙළෙදපොළ ගනුදෙනු අවසන් වීමෙන් පසුව) S&P ශ්‍රී ලංකා 20 දර්ශකයට ඇතුලත්වීම සඳහා අදාළ වන සුදුසුකම් පූරණය කිරීම මත සමාගම් දර්ශකයට අලුතෙන් ඇතුලත්වීම හා දර්ශකයෙන් ඉවත්වීම පහත අයුරින් සිදුවී ඇත.

දර්ශකයෙන් ඉවත් වන සමාගම්

1. එයිට්කන් ස්පෙන්ස් පී.එල්.සී (SPEN.N0000)

2. සෙන්ට්‍රල් ෆයිනෑන්ස් කම්පැනී පී.එල්.සී (CFIN.N0000)

3. සිලෝන් ටොබැකෝ කම්පැනී පී.එල්.සී (CTC.N0000)

4. එල්.ඕ.එල්.සී ෆයිනෑන්ස් පී.එල්.සී (LOFC.N0000)

5. ඕවර්සීස් රියැලටි සීලෝන් පී.එල්.සී (OSEA.N0000)

6. රිචඩ්පීරිස් ඇන්ඩ් කම්පැනී පී.එල්.සී (RICH.N0000)

7. සෙලාන් බැංකුව පී.එල්.සී (SEYB.N0000, SEYB.X0000)

 

දර්ශකයට අලුතෙන් ඇතුලත් වන සමාගම්

1. ඩිප් ප්‍රඩක්ට්ස් පී.එල්සී. (DIPD.N0000)

2. ඩිස්ටලරීස් කොම්පැනි ඔෆ් ශ්‍රී ලංකා පී.එල්සී. (DIST.N0000)

3. එක්ස්පෝ ලංකා හෝල්ඩින්ග්ස් පී.එල්.සී           (EXPO.N0000)

4. හේලීස් පී.එල්සී. (HAYL.N0000)

5. හේමාස් හෝල්ඩින්ග්ස් පී.එල්සී. (HHL.N0000)

6. රෝයල් සෙරමික්ස් ලංකා පී.එල්සී. (RCL.N0000)

7. ටෝක්යෝ සිමෙන්ට් කම්පැනී ලංකා පී.එල්.සී (TKYO.N 0000, TKYO.X 0000)



Recommended Articles